ග්‍රාම නිළධාරීන් 50කට කොවිඩ් තවත් 100 ක් නිරෝධායනයේ

මේ වන විට වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව අතිශය ඉහළ යාම හමුවේ සතියක කාලයකට හෝ රට වසා දැමිය යුතු බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.
එමෙන්ම මේ වන විට ග්‍රාම නිලධාරීවරුන් පනස් දෙනෙකුට Covid-19 වෛරසය ආසාදනය වී තිබෙන බව ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී වරුන්ගේ සංගමය පවසනවා.
මීට අමතරව තවත් සිය දෙනෙකු නිරෝධායනයට යොමුකර ඇති බවත් ඔවුන් පවසනවා.
ඊයේ දිනයේ දී ආසාදිතයින් 1939 දෙනෙකු හඳුනාගෙන තිබුණු අතර ඉන් වැඩිම පිරිසක් හඳුනාගෙන තිබුණේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. එම පිරිස 498 ක් ලෙස දැක්වෙනවා.
ඊයේ (05) දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව පහත පරිදි වේ.
ගම්පහ දිස්ත්‍රික්කය - ආසාදිතයන් 387
කළුතර දිස්ත්‍රික්කය - ආසාදිතයන් 377
පොලොන්නරුව දිස්ත්‍රික්කය - ආසාදිතයින් 78
මහනුවර දිස්ත්‍රික්කය - ආසාදිතයින් 58
මීට අමතරව ඊයේ දිනයේ දී කොවිඩ් ආසාදිත ප්‍රථම ගැබිනි කාන්තා මරණය රාගම බටුවත්ත ප්‍රදේශයෙන් වාර්තා වුණා.
එමෙන්ම තවත් ගැබිණි මව්වරුන් පස් දෙනෙකු දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබමින් සිටින බව නැගෙනහිර කොළඹ මූලික රෝහලේ විශේෂඥ වෛද්‍ය M. ලියනගේ මහතා පවසා සිටියා.
1479 Views
Comments