මවකට දිවි අහිමිකල බස් රථය ඇතුළේ ඇති වූ ගැටුම
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
17

මවකට දිවි අහිමිකල බස් රථය ඇතුළේ ඇති වූ ගැටුම

මවකට දිවි අහිමිකල බස් රථය ඇතුළේ ඇති වූ ගැටුම

ගාලු පාරේ, වැලිගම, කප්පරතොට පාලම ආසන්නයේ දී මාතර දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන මාර්ගයේ ගමන් කරමින් සිටි මවකගේ හා පුතෙකුගේ ගැටීමෙන් සිදු වූ අනතුරෙන් මව මිය ගොස් තිබේ.

 

මෙලෙස මියගොස් ඇත්තේ 68 හැවිරිදි කිරලවැල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවකි.

 

අනතුරින් බරපතළ තුවාල ලැබූ ඔවුන් දෙදෙනා මාතර රෝහලට ඇතුළත් කිරීමේදී මව මියගොස් ඇති බව පොලීසිය පවසයි.

 

අදාළ බස් රථයට වැලිගම බස් නැවතුම්පොළෙන් ගොඩවූ පුද්ගලයින් සිව්දෙනෙකු බස් රථයේ කොන්දොස්තර සමග ඇති වු ගැටුමක් දුරදිග යාමෙන් පසු ඔවුන් බස් රථයේ රියදුරුට ද පහර දී ඇත.

 

එම අවස්ථාවේ දී රියදුරු අසුනෙන් ඇදවැටීම හේතුවෙන් රියදුරුගේ පාලනයෙන් ගිලිහුණු බස් රථය මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදුව ඇති බව සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

 

අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු සහ තවත් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර වැලිගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

views

122 Views

Comments

arrow-up