රුපියල් කෝටි 100ක නිධානය විකුණන්න යද්දී මාට්ටු
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
10

රුපියල් කෝටි 100ක නිධානය විකුණන්න යද්දී මාට්ටු

රුපියල් කෝටි 100ක නිධානය විකුණන්න යද්දී මාට්ටු

රුපියල් කෝටි 100ක මුදලකට අලෙවි කිරීමට සූදානම් කර තිබූ නිධානයකින් ගත් මැණික් ගල් ඔබ්බවන ලද වෛත්‍යයක් විශේෂ කාර්ය බළකාය විසින් සොයාගෙන තිබුණි.

 

ඒ සමග සැකකරුවන් දෙදෙනෙකු ද විශේෂ කාර්ය බලකාය නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්විය.

 

වේයන්ගොඩ ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී අලෙවි කිරීමට සූදානම් කර තිබූ නිධානයකින් ගත් මැණික් ගල් ඔබ්බවන ලද එම වෛත්‍යය සොයාගෙන තිබුණි.


 
කෝන්ගල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 22ක් සහ 34 ක් වන පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වේයන්ගොඩ පොලිස් ස්ථානය වෙත භාර දී ඇති බව විශේෂ කාර්ය බළකාය පැවසීය.

views

121 Views

Comments

arrow-up