දේව බලයෙන් ලෙඩ සුවකරනවා කියූ කපුවා ලක්ෂ දෙකකුත් අරන් තුන් හැවිරිදි දැරියට අතවර කරලා
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
10

දේව බලයෙන් ලෙඩ සුවකරනවා කියූ කපුවා ලක්ෂ දෙකකුත් අරන් තුන් හැවිරිදි දැරියට අතවර කරලා

දේව බලයෙන් ලෙඩ සුවකරනවා කියූ කපුවා ලක්ෂ දෙකකුත් අරන් තුන් හැවිරිදි දැරියට අතවර කරලා

බෙන්තොට, කහගල්ල, වඩුමුල්ල ප්‍රදේශයේ දේවාලයක දේවාරූඪයෙන් ශරීරය අභ්‍යන්තරයේ ලෙඩ සුවකරන මුවාවෙන් බාල වයස්කාර අවුරුදු තුනක දැරියකට රියකට ශරීරය පුරා ඉඳිකටු වලින් රුධිරය පිටතට එන තෙක් සිදුරුකර ලිංගික හිංසනයක් සිදුකර ඇතැයි චෝදනා එල්ල වූ දේව මණ්ඩලයක භාරකාර කපුවෙක් බව කියන සැකකාර විවාහක 40 හැවිරිදි පුද්ගලයෙකු බෙන්තොට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

 

මෙම සිද්ධියට මුහුණ පා ඇති දැරිය සිය මව හා නැන්දණිය සමඟ බෙන්තොට වඩුමුල්ල දේවාලයට පැමිණ ඇති අතර දැරිය ගේ පියා සහ මෙම යකදුරා කලක පටන් දැන හඳුනන අය බවත් ඒ විශ්වාසය මත දැරියට ඇතැයි කියන ශරීර අභ්‍යන්තරයේ ඇති රෝගයක් සුව කර දීමට දෙපාර්ශවය එකඟ වී තිබේ.


සැකකාර කපුවා අවස්ථා තුනකදී රුපියල් ලක්ෂ දෙකක මුදලක් ද ලබාගෙන මොවුන් දේවාලයට ගෙන්වා ඇති බවත් එහිදී එම දැරියගේ ශරීර අභ්‍යන්තරයේ භයානක රෝගයක් තිබෙන බවත් එය දේව මන්ඩලයේ නියමය පරිදි සුව කර දිය හැකි බවත් පවසා මෙලෙස එම දැරියට හිංසා කර ඇති බවත් ඇගේ පියා අලු‍ත්ගම පොලීසියට පැමිණිලි කර ඇත.


මේ වන විට වින්දිත දැරිය කළුතර නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව විමර්ශන සිදුකරන පොලිසිය කියයි.


බෙන්තොට පොලිසිය සිද්ධිය දීර්ඝ ලෙස විමර්ශනය කිරීමේ දී අනාවරණ වී ඇත්තේ මෙලෙස අපහරණයට ලක්ව ඇති දැරිය සිය මව හා නැන්දනිය සමග මහනුවර වත්තේගම ප්‍රදේශයේ මාස දෙකක් පමණ කලක් වාසය කර ඇති අතර එම ප්‍රදේශයට ද ගොස් මෙම යකදුරා දැරිය සුවකරන මුවාවෙන් විවිධ හිංසන සිදු කර ඇති බවත් පොලිසියට වාර්තා වි තිබෙන බවය.


අත් අඩංගුවේ පසුවෙන සැකකාර යකදුරා දරුවන් දෙදෙනකුගේ පියෙකු බවත් මීට පෙර ද බොහෝ ස්ථාන වල මෙන්ම එම දේවාලයේ සිදු කරන ලද විවිධ යාගහෝම වලින් මිනිසුන් මුලා කර යහමින් මුදල් ගරා ඇති බව පොලිසිය සිදුකර විමර්ශනවලින් අනාවරණය කරගෙන තිබේ.


සැකකාර යකදුරා නොහෝත් කපුවාගේ බෙන්තර කහාගල්ල ප්‍රදේශයේ නිවසේ පවත්වාගෙන යන මෙම ව්‍යාජ දේවාලය බෙන්තොට පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරින් කණ්ඩායමක් දැඩි සෝදිසියට හා පරීක්ෂාවට ලක් කර තිබේ.

 

අත්අඩංගුවට ගත් සැකකාර යකදුරා අධිකරණයටඉදිරිපත් කිරීමට නියමිතය.

views

140 Views

Comments

arrow-up