පපු පෙදෙසේ පණ ඇති සර්පයින් සඟවා ගෙන ගිය කාන්තාවක් අල්ලයි.

තම හැට්ටයේ පණ ඇති සර්යින් 5 දෙනකු සඟවා ගනිමින් චීනයේ ගුවාන්ග් ඩොන්ග් පළාතේ ෆූෂියාන් වරායෙන් හොංකොං නගරය බලා පිටත් වීමට උත්සාහ කිරීමේදී ශෙන්සෙන් රේගු බලධාරීන් විසින් කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇත.
අමුතු හැඩයක් හැඩයක් ඇති කාන්තාවක් ෆූෂියාන් වරායේ පිවිසුම් දොරටුවෙන් ඇතුළු වන අවස්ථාවේ රේගු නිලධාරීන්ගේ නෙත් ගැටී තිබේ.
අමුතු ශරීර හැඩයක් තිබීම හේතුවෙන් රේගු නිලධාරීන් මෙම කාන්තාව පරික්ෂා කර ඇති අතර එහිදී කාන්තාව සිය පපු ප්‍රදේශයේ සඟවාගෙන සිටි පණ ඇති සර්පයන් 5 දෙනකු රේගු නිලධාරීන් සොයා ගෙන ඇත.
කාන්තාවගේ අනන්‍යතාව ප්‍රසිද්ධියට පත් කර නැතත් ඇයට විරුද්ධව නීතිමය ක්‍රියා මාර්ග ගන්නා බව රේගු නිලධාරීන් පවසා තිබේ.
261 Views
Comments