අද සිට ලංගමෙන් අතිරේක බස් රථ
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
22

අද සිට ලංගමෙන් අතිරේක බස් රථ

අද සිට ලංගමෙන් අතිරේක බස් රථ

අද (23) දිනයේ ආරම්භවීමට නියමිත අපොස සාමාන්‍ය පෙළ විභාගය සඳහා පැමිණෙන දූදරුවන්ට සහ කාර්යමණ්ඩල පහසුව සඳහා අතිරේක බස්රථ යොදවා ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා පවසනවා.

 

 

සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ සාමාන්‍ය සිසු සැරිය බස් රථවලට අමතරව අතිරේක බස්රථද යොදවා ඇති බවයි.

 

 

මේ අතර අපොස සාමාන්‍ය පෙළ විභාග ප්‍රශ්නපත්‍ර ප්‍රවාහනය කරන වාහන සඳහා සහ විභාග රාජකාරිවල නිරත නිලධාරීන් සඳහා ලංකා ගමනාගමන මණ්ඩලයේ ඉන්ධන පිරවුම්හල් හරහා ඉන්ධන නිකුත් කිරීමට පහසුකම් සලසා ඇති බවද ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා ප්‍රකාශ කළා

views

575 Views

Comments

arrow-up