පාසල් සිසුන්ට ලබා දෙන කිරි වීදුරුව අත්හිටුවයි - කිරි වෙනුවට කැඳ වීදුරුවක්
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
18

පාසල් සිසුන්ට ලබා දෙන කිරි වීදුරුව අත්හිටුවයි - කිරි වෙනුවට කැඳ වීදුරුවක්

පාසල් සිසුන්ට ලබා දෙන කිරි වීදුරුව අත්හිටුවයි - කිරි වෙනුවට කැඳ වීදුරුවක්

පාසල් සිසුන් සදහා ලබා දෙන කිරි වීදුරුව වෙනුවට දේශීය සහල් වලින් නිෂ්පාදනය කළ කැඳ වීදුරුවක් ලබාදීම යෝජනාවක් අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙනවා.

 

තෝරාගත් රජයේ පාසල්  923ක 1 - 5 ශ්‍රේණිවල ඉගෙනුම ලබන දරුවන් සඳහා කිරි වීදුරුවක් ලබා දීමේ වැඩසටහන 2012 වර්ෂයේ සිට ක්‍රියාත්මක වූ අතර මෙලෙස කැඳ වීදුරුවක් ලබා දීමට යෝජනා කර ඇත්තේ ඒ වෙනුවට ය.

 

මේ සඳහා දිනකට එක් සිසුවෙකු වෙනුවෙන් රු.23ක මුදලක් වෙන් කොට තිබේ.

views

878 Views

Comments

arrow-up