මහර බන්ධනාගාර සිද්ධියෙන් තුවාල ලැබුවන් 71ක් රෝහලට
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
30

මහර බන්ධනාගාර සිද්ධියෙන් තුවාල ලැබුවන් 71ක් රෝහලට

මහර බන්ධනාගාර සිද්ධියෙන් තුවාල ලැබුවන් 71ක් රෝහලට

මේ වන විට මහර බන්ධනාගාර සිද්ධියෙන් තුවාල ලැබු පුද්ගලයින් 71ක් රෝහල්ගත කර ඇති බව වාර්තා වෙයි.

 

මේ අතර එහි මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 8ක් දක්වා ඉහළ ගොස් තිබේ.

 

එමෙන්ම මහර බන්ධනාගාරයේ රැඳවියන්ගේ භාරයට ගත් බන්ධනාගාර නිලධාරීන් දෙදෙනාගෙන් එක් අයෙකුගේ තත්ත්වය අසාධ්‍ය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.

 

මේ වන විට මහර බන්ධනාගාරය අවට ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් යොදා තිබේ. ඊයේ දිනයේ මහර බන්ධනාගාර පරිශ්‍රය තුළ ඇතිවු සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ජාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වෙන බව වාර්තා වෙයි.

 

 

 

 

views

663 Views

Comments

arrow-up