APR
01
රාජ්‍ය සේවකයින්ගේ වැටුප් කෙරෙහි විශේෂ අවධානයක්

අයවැයේ දී සඳහන් කළ පරිදි, රාජ්‍ය සේවක වැටුප් පිළිබඳ මේ වසරේ අවසන් කාර්තුවේ දී, සුවිශේෂී සැලකිල්ලක් දක්වන බව අවිස්සාවේල්ල ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කර සිටියේය.
අපහසුතා මධ්‍යයේ වුවද සේවක වැටුප් කප්පාදුවකින් තොරව ගෙවනු ලබන අතර, මේ වන විට ද කිසිදු ආකාරයක වෙනස් කිරීමකින් තොරව වැටුප් ගෙවීම් සිදුකරන බව ද ඔහු මෙහිදී සඳහන් කළේය.
231 Views
Comments