නව අගමැති නිමල් සිරිපාල..?

අද සවස අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා අස්වූ වහාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාලද සිල්වාගේ නම අගමැති ධුරය සඳහා යෝජනා කිරීමට එම පක්ෂය තීරණය කර ඇතැයි වාර්තා වේ.
මහින්ද අමරවීර මහතාගේ නිවෙසේ පැවැති සාකච්ජාවකදී මෙම තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.
මෙම සාකච්ජාවට විපක්ෂ සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනකුද සහභාගී වී ඇති බව වාර්තා වේ.
එම සාකච්ජාවකට සහභාගී වී සිටි කිහිප දෙනකු එකගතාව පළ කරද්දී තවත් කිහිප දෙනකු විරෝධය පළ කර ඇති බවද වාර්තා වෙයි.
775 Views
Comments