රූ රැජිනි පුෂ්පිකා අද පස්වරුවේ පිළියන්දල පොලිසියට එයි!

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමගේ නිවසට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු විවාහක රූ රැජිනි පුෂ්පිකා ද සිල්වා හට අද(28) දින පිළියන්දල පොලිස් ස්ථානය වෙත පැමිණෙන ලෙස පොලිසිය දන්වා තිබෙනවා.
පස්වරු 3.00 වන විට ඇයට පොලිසිය වෙත පැමිණෙන ලෙසයි පොලිසිය දන්වා ඇත්තේ.
ඇය අවස්ථා කිහිපයකදී පොලිසිය මඟ හැරියා.
ඉකුත් 23 වැනි දින ඇයව පිළියන්දල පොලිසිය වෙත කැදවා තිබුණද ඇය එදිනද පොලිසිය වෙත පැමිණ සිටියේ නැහැ.ඊයේ දිනද ඇය එලෙස පොලිසිය වෙත නොපැමිණියා.
621 Views
Comments