ඉන්දියානුවන්ට කච්චතිව් වඳින්න අවසර

කච්චතිව් දූපතේ පිහිටි ශාන්ත අන්තෝනී මුනිඳුන්ගේ දේවස්ථානයේ පැවැත්වෙන වාර්ෂික මංගල්ලය සඳහා ඉන්දීය බැතිමතුන්ටද සහභාගී වීමට රජයෙන් අවසර ලබාදී ඇතැයි යාපනය දිසාපති මහේසන් කනපතිපිල්ලේ මහතා සඳහන් කළේය.
මීට පෙර පැවති සාකච්ඡාවකදී ඉන්දීය බැතිමතුන්ට වාර්ෂික මංගල්ලයට සහභාගී වීමට අවසර ලබා නොදෙන බවට ගත් තීරණය විදේශ කටයුතු අමාත්‍යංශයේ මැදිහත් වීමෙන් වෙනස් කිරීමට සිදුව ඇතැයි දිසාපතිවරයා කීවේය.
කෙසේ වුවත් මාර්තු මස 11 හා 12 යන දිනවලදී කච්චතිව් වාර්ෂික මංගල්ලයට සහභාගී වන ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ බැතිමතුන් කොවිඩ් රෝගය සඳහා වූ එන්නත් තුනම ලබා ගෙන ඇද්ද යන කාරණය කෙරෙහි දැඩි අවධානය යොමු කිරීමට තීරණය කොට ඇත.
680 Views
Comments