රියදුරුගේ නින්ද දෙදෙනෙකුට මරු කැඳවයි

පුත්තලම - කොළඹ මාර්ගයේ ආරච්චිකට්ටුව ප්‍රදේශයේදී සිදුවු රිය අනතුරකින් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව ඇතැයි ආරච්චිකට්ටුව පොලීසිය පවසයි.
නොරොච්චෝලේ සිට කොළඹ තෙක් ධාවන කළ වෑන් රථයක් රියදුරුට නින්ද යාම නිසා මාර්ගයේ නවතා තිබූ යතුරුපැදියක ගැටී අනතුරුව හලාවත සිට ආනවිළුන්දාවට යමින් සිට යතුරුපැදියක හැපීමෙන් අනතුර සිදුව ඇතැයි පොලිසිය කියයි.
අනතුරෙන් මාර්ග සංවර්ධන දෙපාර්තුමේන්තුවේ සේවය කළ කම්කරුවන් දෙදෙනෙකු මැයගොස් ඇති අතර අනතුර සම්බන්ධයෙන් වෑන් රථ රියදුරු ආරච්චිකට්ටුව පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
693 Views
Comments