සහල් හිඟයට විසදුමක් නැද්ද ?

ජාතික ගොවිජන සමිතියේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා පවසා සිටියේ සහල් 1kg ලාභයක් සහිතව රුපියල් 190ක් වැනි මිලකට අලෙවි කිරීමට හැකියාව පවතින බවයි.
අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසින් මීට පෙර ඉදිරිපත් කළ මිල සූත්‍රය ප්‍රායෝගික නොවීම හේතුවෙන් මෙරට සහල් මිල සම්පූර්ණයෙන්ම විකෘති වී ඇති බවත්, මහා පරිමාණ මෝල් හිමියන්ගේ කීම් අනුව රජය කටයුතු කිරීම නිසා කුඩා පරිමාණ මෝල් විශාල ප්‍රමාණයක් වැසී ගොස් ඇති බව ද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
එමෙන්ම, සහල් සඳහා සිල්ලර මිලක් නියම නොකිරීම නිසා සිල්ලර වෙළෙන්දාට පාලන මිලකට සහල් විකිණීය නොහැකි බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා ප්‍රකාශ කර සිටියේය .
252 Views
Comments