ශ්‍රී ලංකා ක්‍රිකට් හෙට කෝප් කමිටුව හමුවට
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
02

ශ්‍රී ලංකා ක්‍රිකට් හෙට කෝප් කමිටුව හමුවට

ශ්‍රී ලංකා ක්‍රිකට් හෙට කෝප් කමිටුව හමුවට

පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව වන කෝප් කමිටුව වෙත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, මඩකලපුව විශ්වවිද්‍යාලය හා හීරා පදනම ඇතුළු රාජ්‍ය ආයතන 09ක් කැඳවා තිබෙනවා.

 

එම ආයතනයන්හි කාර්යසාධනය සහ වර්තමාන ප්‍රගතිය විමර්ශනය සඳහා මෙම ආයතන කාරක සභාව හමුවට කැඳවීම කර තිබෙනවා.

 

ඒ අනුව හෙට (03දා) දින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කෝප් කමිටුව හමුවේ පෙනී සිටිය යුතුවන අතර, ලබන 17 වැනිදා මඩකලපුව විශ්වවිද්‍යාලය හා හීරා පදනම කෝප් කමිටුව හමුවට කැඳවා ඇත.

 

එළැඹෙන 18 වැනිදා පරමාණු බලශක්ති අධිකාරියේ ප්‍රගතිය විමර්ශනය කෙරෙන අතර, 19 වැනිදා භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ නිලධාරීන්ට කාරක සභාව හමුවට පැමිණෙන ලෙස දන්වා ඇති බව කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කළා.

 

මෙයට අමතරව ලබන 20 වැනිදා ආයුර්වේද වෛද්‍ය ආයතනයද, ලබන ඔක්තෝබර් 08 වැනිදා ලංකා විදුලිබල මණ්ඩලයද, ඔක්තෝබර් 09 වැනිදා සංවර්ධන ලොතරැයි මණ්ඩලයද කෝප් කමිටුව හමුවට කැඳවා තිබේ.

 

කෝප් කමිටු රැස්වීම් සියල්ල මාධ්‍ය ආවරණය සඳහා විවෘත බවද එහි සභාපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළා.

views

583 Views

Comments

arrow-up