බොරතෙල් මිල ඉහළ යයි

ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල ගණන් ඉහළ ගොස් තිබේ.
රුසියාව සහ ඔපෙක් සාමාජික රටවල් සිය සැපයුම් සීමා කිරීම ඊට එක් හේතුවක් ලෙස සඳහන්ය.
ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල සියයට 0.42කින් ඩොලර් 77.37 දක්වා ද වෙස්ට් ටෙක්සාස් බොරතෙල් බැරලයක මිල සියයට 0.57කින් ඩොලර් 74.67ක් දක්වා ද වැඩි වී තිබුණි.
මාස දෙකකට පසුව පසුගිය දෙසැම්බර් මාසයේදී ඔපෙක් රටවල් සිය නිෂ්පාදන ධාරිතාව අඩුකර තිබූ බව සඳහන්ය.
125 Views
Comments