බීමතින් රිය පැදවූ තවත් රියදුරන් 509කට වැඩ වරදී
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
02

බීමතින් රිය පැදවූ තවත් රියදුරන් 509කට වැඩ වරදී

බීමතින් රිය පැදවූ තවත් රියදුරන් 509කට වැඩ වරදී

අද (02) පෙරවරු 6න් අවසන් වූ පැය 24ක කාලය තුළ විශේෂ රථවාහන මෙහෙයුම මගින් බීමත් රියදුරන් 509 දෙනෙකු සම්බන්ධයෙන් පොලීසිය නීතිය ක්‍රියාත්මක කර තිබේ.

 

ඒ, ඊයේ (01) පෙරවරු 6 සිට අද පෙරවරු 6 දක්වා වූ පැය 24ක කාලය තුළදී ය.

 

එහිදී, අපරීක්ෂාකාරී හා අන්තරාදායක ලෙස රිය පැදවීමට අදාළ රියදුරන් 29 දෙනෙකු, අධික වේගයෙන් රිය පැදවීම සම්බන්ධව රියදුරන් 59 දෙනෙකු, මාර්ග නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් රියදුරන් 762ක්, බලපත්‍ර වැරදි සම්බන්ධ රියදුරන් 345ක් සහ වෙනත් රථවාහන වැරදි සම්බන්ධයෙන් රියදුරන් 3,711ක් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කර ඇත.

 

පොලීසිය වැඩිදුරටත් දැනුම්දෙන්නේ අදාළ පැය 24ක කාලය තුළ සමස්ත රථවාහන වැරදිවලට අදාළව රියදුරන් 5,415ක් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කර ඇති බවය.

 

මෙම විශේෂ මෙහෙයුම තවදුරටත් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනු ලබන අතර බීමත්ව රිය ධාවනය නොකිරීමටත්, මාර්ග නීති උල්ලංඝණය ඇතුළු අනෙකුත් රථවාහන නීතී රීති උල්ලංඝණය නොකරන ලෙසටත් ශ්‍රී ලංකා පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

 

උත්සව සමයේ රථවාහන අනතුරු අවම කරගැනීමේ අරමුණින් වැඩබලන පොලිස්පතිගේ උපදෙස් පරිදි දිවයිනම ආවරණය වනපරිදි විශේෂ රථවාහන මෙහෙයුමක් ආරම්භ කළේ 2024.12.23 වන දින සිට ය.

views

139 Views

Comments

arrow-up