උ/පෙළ විභාග දිනවලදී අඛණ්ඩව විදුලිය දෙන්න
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
19

උ/පෙළ විභාග දිනවලදී අඛණ්ඩව විදුලිය දෙන්න

උ/පෙළ විභාග දිනවලදී අඛණ්ඩව විදුලිය දෙන්න

 

අ.පො.ස. උසස් පෙළ විභාගය පැවැත්වෙන දිනයන්හිදී විදුලිය විසන්ධි නොකර අඛණ්ඩව විදුලි සැපයුමක් ලබා දෙන ලෙසට ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයෙන් සහ ලෙකෝ ආයතනයෙන් ඉල්ලීමක් සිදු කර ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසුවේය.

 

 

මේ මස 23 වැනිදා සිට පෙබරවාරි මස 17 වැනිදා දක්වා දින 22 ක් උසස් පෙළ විභාගය පැවැත්වෙන බවත් මේ කාල සීමාව තුළදී විදුලිය විසන්ධි වීම සිදු වුවහොත් උසස් පෙළ විභාගයට බාධා විය හැකි බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

 

 

උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (18) පැවැති අතර ඊට සහභාගී වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

views

162 Views

Comments

arrow-up