දස වද දී ඝාතනය කළ නාදුනන මළ සිරුරක් හොරණ සොහොන් බිමක තිබී හමුවේ
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
15

දස වද දී ඝාතනය කළ නාදුනන මළ සිරුරක් හොරණ සොහොන් බිමක තිබී හමුවේ

දස වද දී ඝාතනය කළ නාදුනන මළ සිරුරක් හොරණ සොහොන් බිමක තිබී හමුවේ

හොරණ ගනේතැන්න සුසාන භූමිය අසල රබර් අත්තක් තුළ තිබී වධහිංසා පමුණුවා ඝාතනය කළ පුද්ගලයෙකුගේ නිරුවත් මළ සිරුරක් හමුවී තිබෙනවා.

 

මෙම පුද්ගලයාගේ මුහුණට සහ හිසට මොට ආයුධයකින් පහර දී තිබී ඇති අතර රහස් ප්‍රදේශය කපා දමා තිබෙනවා.

 

මොහුගේ මෘත සිරුර පසුගිය 7 වෙනදා සොයාගෙන ඇති අතර ඊට දින කිහිපයකට පෙර මෙම ඝාතනය සිදු වන්නට ඇතැයි සැක කෙරෙනවා.

 

තවමත් මෙම පුද්ගලයා කිනම් ප්‍රදේශයක අයෙකු ද යන්න අනාවරණය වී නොමැත. වෙනත් ප්‍රදේශයකින් පැහැරගෙන විත් ඔහුව නිරුවත් කර පහරදෙමින් සහ අංගඡේදනය කරමින් මෙලෙස ඝාතනය කරන්නට ඇතැයි පොලිසිය අනුමාන කරනවා.

 

මියගිය පුද්ගලයා වයස අවුරුදු 35ක් වන අයෙකු වන අතර ඔහුගේ දකුණු අතෙහි උරහිසට පිටුපස S අකුරක පච්චයක් ඇත. තවත් කටු කම්බියක පච්චයක්ද හමුවී ඇත.

 

මෙම ඝාතනය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ හොරණ පොලීසිය විසින් සිදු කරයි.

views

849 Views

Comments

arrow-up