හිටපු පොලිස් නිලධාරිනිය දුම්රියේ ගැටී මරුට

අනුරාධපුර පොලිසියට අනුයුක්තව සේවයේ නියුතු සැරයන්වරයකුගේ බිරිඳක් වන හිටපු පොලිස් කාන්තාවක් ඊයේ (8) තම නිවෙස ඉදිරිපිටදී දුම්රියේ ගැටී ජීවිතක්ෂයට පත්ව ඇතැයි අනුරාධපුර පොලිසිය පවසයි.
මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට නියමිතව සිටින නිවුන් දැරියන් දෙදෙනකුගේ මවක් වන පොලිස් නිල නිවාසවල පදිංචිව සිටි නිරානී ජයවික්‍රම නමැති 37 හැවිරිදි දෙදරු මවකි.
කලක සිට පවතින මානසික රෝගී තත්ත්වය හදිසියේම වැඩිවීම හේතුවෙන් පෙරේදා රාත්‍රියේදී එම කාන්තාව අනුරාධපුර රෝහල් ගතකර සිටියදී රෝහලින් පිට වී තම නිවස කරා පැමිණ නිවස ඉදිරිපිට දුම්රිය මාර්ගයේ සිටියදී මෙලෙස දුම්රියේ ගැටී ඇතැයි පොලිසිය කියයි.
රාජකාරි කරමින් සිටි සැරයන්වරයා තම බිරිඳට දිවා ආහාරය රැගෙන අනුරාධපුර රෝහලට යෑමට සූදානම්ව සිටියදී මෙම අවාසනාවන්ත සිදුවීම සිදු වූ බව ඒ අවට සිටි පිරිස් මෙහි දී පැවසූහ.
පෙරේදා දහවල් 11.45 ට පමණ කොළඹ සිට කන්කසන්තුරය දක්වා ධාවනය වූ යාල්දේවී දුම්රියේ ගැටී මෙම මරණය සිදුව ඇතැයිද පොලිසිය සඳහන් කළේය. මෙම මරණය සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
218 Views
Comments