දෙවන කොරෝනා රෝගියාටත් සුවයි – නිරෝධායන වැඩපිළිවෙළ සාර්ථකත්වය පෙන්වයි

මෙරට කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 43 දක්වා ඉහළ ගියද දෙවන කොරෝනා රෝගියා සුවය ලබා තිබෙනවා. ඊයේ දිනය තුළ පමණක් 15 දෙනෙකු වාර්තාවුණා. නිරෝධායන වැඩපිළිවෙළ සාර්ථකව ක්‍රියාත්මක වන බැවින් අනියත බියක් ඇතිකරගත යුතු නැති බවයි සෞඛ්‍ය අංශ අවධාරණය කරන්නේ.
යුද හමුදාවේ මූලිකත්වයෙන් නිරෝධායන මධ්‍යස්ථානවල කටයුතු ඉතා උසස් අන්දමින් සිදුකෙරෙනවා. එවැනි මධ්‍යස්ථාන 16 ක් ක්‍රියාත්මකයි. කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගත් රෝගීන් දිවයිනේ රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබමින් සිටිනවා. කෙසේ වෙතත් විදේශගතව සිට පැමිණ නිරෝධායනයට හෝ පොලීසියට වාර්තා කිරීමකින් තොරව සිටින අය සොයා බැලීමේ මෙහෙයුම් ද අඛණ්ඩවම ක්‍රියාත්මකයි.
1266 Views
Comments