විමල් වීරවංශ සැප වාහනය හා ඇමති නිවස අත්හරී
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
08

විමල් වීරවංශ සැප වාහනය හා ඇමති නිවස අත්හරී

විමල් වීරවංශ සැප වාහනය හා ඇමති නිවස අත්හරී

හිටපු ඇමති විමල් වීරවංශ මහතාගේ උපන්දිනය ඊයේ දිනට(07) යෙදී තිබුණු අතර ඒ වෙනුවෙන් ජාතික නිදහස් පෙරමුණ විසින් ඊයේ අනුරාධපුරයේදී විශේෂ ආගමික වැඩසටහන් කිහිපයක් ම සංවිධානය කර තිබුණි.

 

ජනාධිපතිවරයා විසින් පසුගියදා විමල් විරවංශ හා උදය ගම්මන්පිල අමාත්‍ය ධුරවලින් ඉවත් කරනු ලැබිය.

 

ඒ අනුව විමල් විරවංශ හා උදය ගම්මන්පිල හිටපු අමාත්‍යවරුන් දෙදෙනා වහාම තමන් බාරයේ තිබු නිල වාහන බාරදී තිබේ.

 

ඕනෑම අමත්‍යවරයෙකුට තම අමාත්‍ය ධුරය අහිමි වුවද මාස 03ක කාලයක් නිල නිවසේ රැඳී සිටීමට අවසරයක් තිබුනත් විමල් විරවංශ පසුගිය සති අන්තයේ සිය නිල නිවසේ තිබු තමන්ගේ පෞද්ගලික බඩු බාහිරාදිය ඉවත්කර ගෙන ඇති අතර එම නිල නිවාස අද බාරදීමට කටයුතු යොදා තිබේ.

 

උදය ගම්මන්පිල හිටපු අමාත්‍යවරයාද මේ සතිය තුළ දී සිය නිල නිවාස බාරදීමට තීන්දුකර තිබේ.

 

රාජපක්ෂවරුන් විසින් මංගල සමරවීර මහතා අමාත්‍ය ධුරයෙන් නෙරපූ අවස්ථාවේදී ඔහුද පැය 24ක් තුලදී සිය නිල නිවාස බාරදී පෞද්ගලික නිවසකට ගොස් තිබිණ.

 

විමල් වීරවංශ හා උදය ගම්මන්පිල අමාත්‍ය ධුරවලින් ඉවත්කල වහාම ඔවුන්ගේ ආරක්ෂාවට ලබාදී තිබු පොලිස් ආරක්ෂකයින් දෙදෙනෙකු හැර අනෙකුත් ප්‍රභූ ආරක්ෂකයින් වහාම කැඳවීමට කරයුතු කර තිබිණ. එහෙත් පසුව ඔවුන් යලි අනුයුක්ත කර තිබේ.

views

630 Views

Comments

arrow-up