එක්සත්රාජධානියට එරෙහි වූ චීනයට ශ්‍රී ලංකාවේ සහය

එක්සත් රාජධානියේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් ඇතුළු තවත් චෝදනා සම්බන්ධයෙන් චීනය විසින් ගෙන ආ ඒකාබද්ධ ප්‍රකාශයට ශ්‍රී ලංකා රජය ද සහාය පළ කරමින් අත්සන් කර ඇත.
එක්සත් ජනපද හමුදාව විසින් විදෙස් රටවල් වල සිදුකළ හමුදා මෙහෙයුම්වලදී සිවිල් වැසියන් ඝාතනය කර තිබෙන බවත් එක්සත් රාජධානියේ සංක්‍රමණික රැඳවුම් මධ්‍යස්ථාන ක්‍රියාත්මක වන්නේ දුර්වල තත්ත්වයක බවත් සංක්‍රමණිකයන්ගේ අයිතිවාසිකම් දැඩි ලෙස උල්ලංඝනය වී ඇති බවත් එක්සත් රාජධානිය අනෙකුත් රටවල් වල අභ්‍යන්තර කටයුතු වලට ඇඟිලි ගසමින් අත්තනෝමතික ලෙස ක්‍රියා කරන බවටත් ජිනීවා හි මානව හිමිකම් සැසියට සහභාගී වූ චීන දූත පිරිස පවසයි.
කෙසේ වුවත් එක්සත් රාජධානිය විසින් මෙම කරුණු ප්‍රතික්ෂේප කරන බව ඒකාබද්ධ නිවේදනයකින් දැනුම් දී ඇත.
චීනය ගෙන ආ මෙම යෝජනාවට ශ්‍රී ලංකාව,බොලිවියාව, උතුරු කොරියාව,සිරියාව, රුසියාව වැනි ප්‍රබල රටවල් ද සහයෝගීතාව පළ කර ඇත.
891 Views
Comments