ආණ්ඩුවේ අර්බුද හමුවේ නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව කැඳවයි

අද පස්වරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වීමට නියමිතව තිබේ.
හිටපු ජනපති සහ පක්ෂ නායක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම මධ්‍යම කාරක රැස්වීමේදී පක්ෂයේ ඉදිරි කටයුතු සහ රටේ දේශපාලන තත්වය පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතයි.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ට රජය නියෝජනය කරන අනෙකුත් පාර්ශවයන්ගෙන් ඇතිවන කෙනහිලිකම් පිළිබඳව පසුගිය දින කිහිපයේම වාර්තා වූවා.
ඒ පිළිබඳව අදහස් දක්වමින් මහින්ද අමරවීර මහතා පැවසූයේ කිසිදු මන්ත්‍රීවරයෙකු පුද්ගලික තීරණ නොගන්නා බවත් ගන්නා සෑම තීරණයක්ම පක්ෂයක් ලෙස ගන්නා බවයි.
825 Views
Comments