හුදකලා කිරීම හා හුදෙකලාභාවය ඉවත්කිරීම පිළිබඳ නවතම නිවේදනය
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
08

හුදකලා කිරීම හා හුදෙකලාභාවය ඉවත්කිරීම පිළිබඳ නවතම නිවේදනය

හුදකලා කිරීම හා හුදෙකලාභාවය ඉවත්කිරීම පිළිබඳ නවතම නිවේදනය

අද(08) උදෑසන 6 සිට තවත් ප්‍රදේශ දෙකක් හුදකලාකර තිබේ.

 

යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කර ඇත්තේ, මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ දෙකක් එලෙස හුදකලා කළ බවයි.

 

ඒ අනුව මාතලේ පොලිස් බලප්‍රදේශයේ, බෝගහකොටුව ග්‍රාම නිළධාරී වසමේ අගලවත්ත ග්‍රාමය හා හරස්ගම ග්‍රාමය හුදකලා කර තිබේ.

 

 

මේ අතර ප්‍රදේශ කිහිපයක හුදකලා බව අද උදෑසන සිට ඉවත්කර ඇත.

 

හුදකලා බව ඉවත් කළ ප්‍රදේශ පහත දැක්වේ.

 

මඩකලපුව දිස්ත්‍රික්කය

කාත්තණ්කුඩි පොලිස් බලප්‍රදේශයේ,

කාත්තන්කුඩි කොටස 4 164
කාත්තන්කුඩි කොටස 5 164A
කාත්තන්කුඩි කොටස 5 දකුණ 164B
කාත්තන්කුඩි කොටස 6 බටහිර 162B
නව කාත්තන්කුඩි කොටස නැගෙනහිර 162A

views

916 Views

Comments

arrow-up