ලබන 14 පසු රට අරිනවාද නැද්ද තීරණය අද පස්වරුවේ

සංචරණ සීමා සම්බන්ධයෙන් තීරණාත්මක හමුවක් අද පස්වරුවේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනවා.
ලබන 14 වැනිදාගෙන් පසුව සංචරණ සීමා ඉවත් කරනවාද,නැතිද මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා.
එසේම පවතින තත්ත්වය මත සෞඛ්‍ය අංශ ඉල්ලීම් කිහිපයක් ඉල්ලා ඇති එම ඉල්ලීම් සම්බන්ධයෙන් මෙහිදී සලකා බැලීමට නියමිතයයි.
මුළු දිවයිනටම බලාත්මක වන පරිදි පොලිස් ඇඳිරිනීතිය පැනවීම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා වීමට නියමිතයි.
අද පස්වරු 4න් පසුව මෙම සාකච්ඡාවෙන් ගන්නා තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.
1045 Views
Comments