මන්න පිහියක් ගෙනැවිත් 5000 ඉල්ලා ග්‍රාමසේවකට තර්ජනය කල කාන්තාවක් අත්අඩංගුවට

රුපියල් 5000 දීමනාව ලබා දෙන ස්ථානයට මන්නා පිහියක් රැගෙන විත් රාජ්‍ය නිලධාරීන්ගේ රාජකාරියට බාධා කල කාන්තාවක් හුංගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඇය මෙලෙස මන්නා පිහිය රැගෙනවිත් තමාගේ නම ඡන්ද නාම ලේඛනයට ඇතුළත් කරන ලෙස ඉල්ලා ග්‍රාම නිලධාරීවරයාට තර්ජනය කර ඇත.
ඇගේ නම ඡන්ද නාම ලේඛනයට ඇතුළත් වී නොතිබුණු අතර නාම ලේඛනයේ නම නොමැති පුද්ගලයන්ට දීමනාව නොලැබීම නිසා ඈ විසින් මෙලෙස තර්ජනය කර ඇති බවට වාර්තා වේ.
කෙසේ නමුත් අවසානයේ දී මෙම කාන්තාව හුංගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ
949 Views
Comments