අදත් ප්‍රදේශ රැසකට වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලටත් ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්ක වලටත් අද දිනයේ දී විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
මීට අමතරව මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ක තද වැසි ඇති විය හැකි බවත් සඳහන්.
එමෙන්ම අද සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.
දිවයිනේ මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ වලත්,උතුර, උතුරු මැද, වයඹ, ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 50 දක්වා වැඩි විය හැකි බවත් දිවයින හරහා හමා යන සුළඟේ වේගය පැයට කිලෝමීටර් 30 සිට 40 දක්වා වැඩි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරනවා.
මේ හේතුවෙන් තද සුළං වලින් ඇතිවන අනතුරු අවම කර ගැනීමට පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
963 Views
Comments