ගිනිගත් නැව මුහුදුබත් වුවහොත් පරිසර හානිය අවම කිරීමට සැලසුම්

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ හටගත් ගින්න ඊයේ දිනයේ දී ඉන්දියානු නාවික හමුදාවේ ද සහාය ඇතිව නිවාදැමීමට සමත් වී තිබුණා. ඒ වනවිටත් ගින්න හේතුවෙන් නෞකාවේ සම්පූර්ණ පද්ධතියම ගිනිගෙන විනාශ වී තිබුණා.
කෙසේ නමුත් මේ වන විට නෞකාව මුහුදුබත් වීමේ අවධානමක් පවතින බවද වාර්තා වනවා.
කෙසේ නමුත් නෞකාව මුහුදුබත් වුවහොත් ඉන් සිදුවිය හැකි පරිසර හානිය අවම කර ගැනීම සඳහා මෙය වන විට විශේෂ අවධානයක් යොමුවී ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂක අධිකාරියේ සභාපති නීතිඥ දර්ශනී ලහඳපුර මහත්මිය ප්‍රකාශ කළා.
නෞකාවෙන් සාගරයට මිශ්‍ර වූ අපද්‍රව්‍ය සහ තෙල් වලින් මීගමුව කලපුව ආරක්ෂා කර ගැනීමේ අරමුණෙන් මේ වන විට එම මුහුදු සීමාව වැලිකොට්ට තමා වෙන්කර තිබෙනවා. එමෙන්ම ඊයේ දිනයේ දී නෞකාව මුහුදට වැටී වෙරළට ගොඩගැසූ භාණ්ඩ අපද්‍රව්‍ය ස්පර්ශ කළ පුද්ගලයන් කිහිප දෙනෙකුට විවිධ ආසාත්මිකතා ඇතිවන තිබෙන බවද වාර්තා වුණා.
මීගමුවේ සිට පුත්තලම දක්වා වෙරළ තීරයට ගොඩ ගසා තිබෙන පර්ල් නෞකාවෙන් මුහුදට වැටුණු සුන්බුන් ඉවත් කිරීමේ ක්‍රියාවලිය සඳහා මේ වනවිට 450කට අධික ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 14 වන බල සේනාංකයේ හමුදා භට සෙබළුන් පිරිසක් එක්වී සිටිනවා.
991 Views
Comments