තියුණු ආයුධයක් රැගෙන ඇවිත් පන්දහස ඉල්ලූ කාන්තාව අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
03

තියුණු ආයුධයක් රැගෙන ඇවිත් පන්දහස ඉල්ලූ කාන්තාව අත්අඩංගුවට

තියුණු ආයුධයක් රැගෙන ඇවිත් පන්දහස ඉල්ලූ කාන්තාව අත්අඩංගුවට

අද (03) හුංගම ප්‍රදේශයේ ඡන්ද නාම ලේඛණයේ නම් සඳහන් අඩු ආදායම්ලාභී පුද්ගලයින්ට රුපියල් 5000 දීමනාව ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබුණා.

 

එහිදී එම අවස්ථාවට එක් කාන්තාවක් තියුණු ආයුධයක් රැගෙන පැමිණ ග්‍රාම නිලධාරීවරයාට තර්ජනය කර තිබෙනවා.

 

අදාළ කාන්තාව පවසා ඇත්තේ ඡන්ද නාම ලේඛණයේ තම නම ඇතුලත් නොවන බැවින් ඇයගේ නම ඡන්ද නාම ලේඛනයට ඇතුළත් කර දෙන ලෙසයි.

 

කෙසේ නමුත් ග්‍රාම නිලධාරිවරයාගේ රාජකාරියට බාධා කළ මෙම කාන්තාව හුංගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා. මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ හුංගම පොලීසිය විසින් සිදුකරගෙන යනු ලබනවා.

views

957 Views

Comments

arrow-up