පුතාව බලන්න අපේක්ෂා රෝහලට එමින් සිටි මව බසයේදී අවසන් හුස්ම හෙළයි

බස් රථයක ගමන් කරමින් සිටි කාන්තාවක් ඇය හිද සිටි අසුන මත මියගොස් සිටි අයුරුත් ඇයව හඳුනාගන්නට සහය වන ලෙස කරන ඉල්ලීමකුත් මේ දිනවල සමාජ මාධ්‍ය තුළ පළ විය.
මෙම බස් රථයේ රියැදුරු සහ කොන්දොස්තර මළ සිරුර රැගෙන පොලිසියට පැමිණ ඒ ගැන දන්වා තිබූ අතර පසුව කළ සොයා බැලීම් අනුව මෙලෙස මියගොස් තිබුණේ ආඬිඅම්බලම වල්පොල පදිංචිව සිටි අයි.එම්. රම්‍යකාන්ති නමැති (52) හය දරු මවක බව පොලිසිය සොයාගෙන තිබේ.
ඇයගේ පුතකු අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබන අතර පුතුගේ සුවදුක් බැලීම සඳහා මීගමුව සිට මහරගම අපේක්ෂා රෝහල කරා කිරිඳිවැල ඩිපෝවට අයත් බස් රථයේ නැග පැමිණෙමින් සිටිය දී ඇය මෙලෙස හදිසියේ මිය ගොස් තිබූ බව පොලිසිය කියයි.
අපේක්ෂා රෝහල අසල ගමනාන්තයෙන් අනතුරුව එහි සිටි පිරිස බස් රථයෙන් බැස පිටව ගියත් එම කාන්තාව බස් රථයෙන් නොබැසීම සම්බන්ධයෙන් විමසිලිමත් වූ කොන්දොස්තරවරයා ඇය අවදි කිරීමට උත්සාහ දැරීමේ දී එයට ප්‍රතිචාරයක් නොදැක්වීම හේතුවෙන් රියැදුරු දැනුම්වත් කර බස් රථය පොලිසිය වෙත ගෙනවිත් තිබූ බව පොලිසිය සඳහන් කරයි.
එම කාන්තාවගේ අනන්‍යතාව සනාථ කර ගැනීමෙන් අනතුරුව මහරගම කොට්ඨාසය භාර හදිසි මරණ පරීක්ෂක ඩග්ලස් රූපසිරි මහතා පැමිණ මළ සිරුර පරීක්ෂා කිරීමෙන් අනතුරුව කළුබෝවිල ශික්ෂණ රෝහලේ දී පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත් වූ අතර ඉදිරිපත් වූ සාක්ෂි සහ වෛද්‍ය වාර්තාව සැලකිල්ලට ගෙන කාන්තාවගේ මරණය හෘදයාබාධයකින් සිදු වූ මරණයක් බවට තීරණය කළ බව පොලිසිය කියයි.
820 Views
Comments