තියුණු ආයුධ වලින් පහර දී පුද්ගලයෙක් ඝාතනය කරයි

බටපොළ, බටදුව ප්‍රදේශයේ අවන්හලක් තුළ දී පසුගිය ජුනි 23 වන දා තියුණු ආයුධ වලින් පහර දී කොබෙයිතුඩුව ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි පුද්ගලයකු ඝාතනය කිරීම සම්බන්ධව කරන ලද විමර්ශනයේදී මෙම ඝාතනය සිදු කළ සැකකරුවන් තිදෙනෙකු ඊයේ (11) බටදුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවන් ඝාතනය සඳහා භාවිත කළ මන්නා පිහි 02ක් සහ ඝාතනයට පැමිණි යතුරු පැදියක් ද පොලිස් භාරයට ගත් බව පොලිසිය පවසනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 21, 22 හා 28ක් වන කුලීගොඩ, අම්බලන්ගොඩ හා මිටියාගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන් අද බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
298 Views
Comments