සිව්හැවිරිදි දරුවා පෝර උරයක දමා ගැටගැසූ සැකකරු කූඩුවට

ආණමඩුව දිවුල්වැව ප්‍රදේශයේ නිවසකින් අතුරුදන් වූ වයස අවුරුදු 04 දරුවකු පොහොර උරයක දමා ගැට ගසා ලඳු කැලෑවක දමා ගොස් තිබියදී සොයාගෙන තිබේ.
6 වැනිදා පස්වරුවේ තනිව නිවසින් පිටතට ගිය දරුවකු මෙලෙස රැගෙන ගොස් අත්පා ගැට ගසා පොහොර උරයක දමා තිබියදී සොයාගෙන ඇත.
කම්පනයට පත්ව සිටි දරුවා ප්‍රතිකාර සඳහා ආණමඩුව දිසා රෝහලට ඇතුළත් කර ඇත. දරුවා සිටි පොහොර උරය හමුවී ඇත්තේ දරුවාගේ නිවසේ සිට මීටර් 150ක් පමණ දුරින් ඇති ලඳු කැලෑවක තිබියදීය.
සිද්ධිය සම්බන්ධයෙන් මව්පියන්ගේ ලද පැමිණිල්ලකට අනුව විමර්ශන සිදුකළ නිලධාරීන් සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට තරුණයකු අත්අඩංගුවට ගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි 22 හැවිරිදි වියේ පසුවූ තරුණයෙකි. දරුවා පැහැරගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ආණමඩුව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.
277 Views
Comments