ශවේන්ද්‍ර ඇතුලු‍ ඉහල හමුදා නිලධාරීන්ට ජාත්‍යන්තර තහනමක්
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
01

ශවේන්ද්‍ර ඇතුලු‍ ඉහල හමුදා නිලධාරීන්ට ජාත්‍යන්තර තහනමක්

ශවේන්ද්‍ර ඇතුලු‍ ඉහල හමුදා නිලධාරීන්ට ජාත්‍යන්තර තහනමක්

ශ්‍රී ලංකාවේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී (CDS) ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ අනෙකුත් හමුදා සාමාජිකයින්ට සම්බාධක පැනවීමේ හැකියාව බ්‍රිතාන්‍ය රජය විසින් සලකා බලමින් සිටින බව පාර්ලිමේන්තුවේ මන්ත්‍රී මණ්ඩලයට දන්වා ඇත.

 

විදේශ හා පොදු රාජ්‍ය මණ්ඩලීය සංවර්ධන කාර්යාලය (FCDO) බාර අමාත්‍ය ජෙසී නෝමන් මේ බව එරට පාර්ලිමේන්තුවට දැනුම් දී තිබේ.



යුද අපරාධ චෝදනා මුල් කරගෙන මෙම තහනම පැනවෙනු ඇති බව දැනගන්නට ඇත.



මානව හිමිකම් සහ වගවීම ඇතුළුව ශ්‍රී ලංකාවේ තත්ත්වය බ්‍රිතාන්‍ය රජය සමීපව සමාලෝචනය කරමින් සිටින බවත්, මේ තුළ සම්බාධක ඇතුළුව අප සතුව ඇති රාජ්‍ය තාන්ත්‍රික මෙවලම් භාවිතා කරන්නේ කෙසේද යන්න රජය සක්‍රීයව සලකා බලන බවත් අමාත්‍ය නෝමන් පවසා තිබේ.



කොන්සර්වේටිව් පක්ෂයේ අමාත්‍ය නෝමන් එසේ පවසා ඇත්තේ කම්කරු පක්ෂය නියෝජනය කරමින් බෙත් වින්ටර් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.



මේ ආකාරයට ලංකාවේ හමුදා නිලධාරීන් කිහිප දෙනකු ඉලක්ක කර විදෙස් ගමන් තහනමක් හෝ වෙනත් සම්බාධක පැනවීමේ අවදානමක් මතුව ඇති බව අප මීට පෙර අවස්ථා ගණනාවකදීම වාර්තා කිරීමට පියවර ගෙන තිබිණ.

views

212 Views

Comments

arrow-up