පාසලට අලුත් සෞඛ්‍ය මාර්ගෝපදේශ

සෞඛ්ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසුවේ ලබන සතියේදී පාසල් වල සෙසු ශ්‍රේණි ආරම්භ කිරිමට අදාල මාර්ගෝපදේශ නිකුත් කර ඇති බවයි.
පාසල් සිසුවෙකු කොවිඩ් ආසාදනයට ලක් වුවහොත් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව දැක්වෙන මාර්ගෝපදේශ මාලාවක් ද නිකුත් කිරිමට බලාපොරොත්තු වන බවයි ඔහු පවසයි.
අවුරුදු 20න් ඉහළ රෝගාබාධවලින් පෙළෙන අය සදහා ද කොවිඩ් මර්දන බූස්ටර් එන්නත ලබාදීමට අපේක්ෂා කරන බව විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා අද පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
677 Views
Comments