ඩිංගි යාත්‍රාවක තිබී රුපියල් මිලියන 79ක අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සොයාගැනේ
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
15

ඩිංගි යාත්‍රාවක තිබී රුපියල් මිලියන 79ක අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සොයාගැනේ

ඩිංගි යාත්‍රාවක තිබී රුපියල් මිලියන 79ක අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සොයාගැනේ

තලෙයිමන්නාරමේදී රුපියල් මිලියන 79කට අධික වටිනාකමින් යුත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවන් 04 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන ඇත.

 

තලෙයිමන්නාරම ඌරුමලේ වෙරළ ප්‍රදේශයේදී නාවික හමුදාව විසින් ඊයේ(14) මධ්‍යම රාත්‍රීයේ දී  වැටලීම සිදුකර තිබේ.

 

එම අයිස් මත්ද්‍රව්‍ය තොගයෙහි බර කිලෝ 09 ග්‍රෑම් 914ක් වේ.

 

එම මත්ද්‍රව්‍ය රැගෙන ආ ඩීංගි යාත්‍රාවද නාවික හමුදා භාරයට ගෙන ඇත.

views

723 Views

Comments

arrow-up