සෞඛ්‍ය නීති කැඩූ තවත් 157 කොටු
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
16

සෞඛ්‍ය නීති කැඩූ තවත් 157 කොටු

සෞඛ්‍ය නීති කැඩූ තවත් 157 කොටු

ශ්‍රී ලංකාවේ පවතින නව කොරෝනා වෛරසය සම්බන්ධයෙන් රජය විසින් දැඩි සෞඛ්‍යය නීති පනවා ඇති අතර එම නීති උල්ලංඝණය කළ පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත.

 

නිරෝධායන නීති උල්ලංඝනය කරමින් හැසිරුන පුද්ගලයින් 157  දෙනකු පොලිස් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

 

නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මේ දක්වා පුද්ගලයින් 50,100කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති අතර හතලිස් දහසකට වැඩි පිරිසකට නඩු පවරා ඇති අතර ඉතිරි පුද්ගලයින්ට නඩු පැවරීමට නියමිත බව වැඩිදුරටත් අදහස් දක්වමින් අජිත් රෝහණ මහතා ප්‍රකාශ කර ඇත.

views

742 Views

Comments

arrow-up