පුද්ගලයෙකුට තියුණු ආයුධවලින් පහරදී තුවාල සිදුකල පාතාල සාමාජිකයෙක් හෙරෝයින් සමඟ අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
09

පුද්ගලයෙකුට තියුණු ආයුධවලින් පහරදී තුවාල සිදුකල පාතාල සාමාජිකයෙක් හෙරෝයින් සමඟ අත්අඩංගුවට

පුද්ගලයෙකුට තියුණු ආයුධවලින් පහරදී තුවාල සිදුකල පාතාල සාමාජිකයෙක් හෙරෝයින් සමඟ අත්අඩංගුවට

හංවැල්ල ප්‍රදේශයේදී වෑන් රථයකින් ගමන්කළ පුද්ගලයෙකුට තියුණු ආයුධවලින් පහරදී තුවාල සිදුකිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු අතුරුගිරිය ප්‍රදේශයේදී හෙරොයින් සමඟ අත්අඩංගුවට ගෙන ඇත.

 

අත්අඩංගුවට ගත් සැකකරු 35 හැවිරිදි හෝමාගම, පිටිපන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර බස්නාහිර පළාත දකුණු අපරාධ කොට්ඨාසයේ නිලධාරින් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේය.

 


සැකකරු සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකුවන දැනට ඩුබායි හි රැඳී සිටින සමරප්පුලිගේ චමින්ද බුද්ධික නොහොත් චමී යන අයගේ ගෝලයෙකු බව ද පොලීසිය පැවසීය.

 

එම පුද්ගලයා වෑන් රථයේ ගමන් කළ පුද්ගලයාගෙන් කප්පම් මුදලක් ඉල්ලා ඇති අතර එම කප්පම් මුදල් ලබානොදීම හේතුවෙන් ඔහුගේ ගෝලයින්ලවා එම අපරාධය සිදුකර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

 

අත්අඩංගුවට ගත් සැකකරු අද(09) කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

views

2814 Views

Comments

arrow-up