ව්‍යාජ වීසා සමග රට පනින්න හැදූ ලාංකිකයෙක් ඩුබායි රාජ්‍යයේදී දැලේ
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
03

ව්‍යාජ වීසා සමග රට පනින්න හැදූ ලාංකිකයෙක් ඩුබායි රාජ්‍යයේදී දැලේ

ව්‍යාජ වීසා සමග රට පනින්න හැදූ ලාංකිකයෙක් ඩුබායි රාජ්‍යයේදී දැලේ

ව්‍යාජ ඉතාලි වීසා බලපත්‍රයකින් කටුනායක ගුවන් තොටුපොළින් විදෙස් ගත වූ පුද්ගලයෙකු ඩුබායි ගුවන් තොටුපොළේදී නැවත ශ්‍රී ලංකාවට එවා තිබේ.

 

 

අනතුරුව ඔහුව කටුනායක ගුවන් තොටුපොළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ඒකකය විසින් ඊයේ දින අත්අඩංගුවට ගෙන ඇති අතර එහිදී සිදු කළ ප්‍රශ්න කිරීම් වලදී තොරතුරු රැසක් අනාවරණය වූ බව වාර්තා වේ.

 

 

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 36 හැවිරිදි දළුවකොටුව කොච්චිකඩේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකුය.

 

 

මීට අමතරව ඔහුට විදෙස්ගත වීම සඳහා සහය වූ ගුවන් තොටුපොළ නිලධාරීන් සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ඒකකය විමර්ශන ආරම්භ කර තිබේ.

views

252 Views

Comments

arrow-up