අනාරක්ෂිත දුම්රිය හරස්මාර්ග 400ක් ආරක්ෂිත තත්වයට ගේන්න සැලසුම්

දිවයින පුරා අනාරක්ෂිත දුම්රිය හරස්මාර්ග 400ක් පමණ හඳුනාගෙන තිබෙන බවත්, ඒ සියල්ල මෙම වසර ඇතුළතදී ආරක්ෂිත කිරිමට කටයුතු කරන බව සභානායක, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.
පාර්ලිමේන්තුවේ අද (7) පැවැත්වෙන අයවැය කාරක සභා විවාදය අවස්ථාවේදී ඔහු මේ බව පැවසීය.
වැඩිදුරටත් අදහස් දැක්වූ බිමල් රත්නායක මහතා,
"අපේ රටේ විශාල වශයෙන් තියෙනවා අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග. අදත් ත්‍රිරෝද රථයක් හැප්පිලා තියෙනවා අලුත්ගම ප්‍රදේශයේ.
අනාරක්ෂිත දුම්රිය හරස්මාර්ග හාරසිය ගණනක් තියෙනවා. ඒ නිසා අපි බලාපොරොත්තුවෙනවා මාර්ග ආරක්ෂාකරණ වැඩපිළිවෙල ඇතුළේ ලබන මස වෙනකොට ජනතා සහභාගිත්වයත්, පෞද්ගලික අංශයත් සම්බන්ධකරගෙන මේ වසර ඇතුළතදී ලංකාවේ අනාරක්ෂිත යැයි සම්මතව තිබෙන දුම්රිය හරස් මාර්ග සියල්ල ආරක්ෂිත කරන්න.
ඒක අපට තිබෙන වගකීමක්. හොඳ ප්‍රවාහනයක් ඇතිකරන්න කාලයක් ගියත්, ජනතාවගේ ජීවිත ආරක්ෂා කරන්න එච්චර කාලයක් ගතකළ යුතු නෑ" යැයි පැවසීය.
71 Views
Comments