පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදට වසර 5යි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
21

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදට වසර 5යි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදට වසර 5යි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වී අදට පස්වසරක් සපිරේ.

 

ඒ වෙනුවෙන් සංවිධානය කෙරුණු සිහිකිරීම් වැඩසටහන් මාලාව ඊයේ (20) පස්වරුවේ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ පැවති විශේෂ දිව්‍ය පුජා යාගයෙන් ආරම්භ කෙරුණි.

 

ඒ අනුව, කොච්චිකඩේ දේවස්ථානයේ සිට කටුවාපිටිය දේවස්ථානය දක්වා යැදුම් පාගමන ඊයේ මධ්‍යම රාත්‍රිය පුරා පැවැත්වුණි.

 

2019 වසරේ අප්‍රේල් මස 21වන දින පාස්කු ඉරුදිනයේ අන්තවාදීන් කණ්ඩායමක් විසින් දිවයිනේ ස්ථාන 08ක දී මරාගෙන මැරෙන ප්‍රහාර 10ක් සිදුකළ අතර එහිදී පුද්ගලයින් 273 දෙනෙකු ජීවිතක්ෂයට පත් වු අතර තවත් 500කට අධික පිරිසක් බරපතළ තුවාල ලැබීය.

 

මෙම ප්‍රහාරයට පස්වසරක් ගත වීම නිමිත්තෙන් සිහිකිරීම් වැඩසටහන් මාලාව සංවිධානය කර ඇත්තේ ත්‍රස්ත ප්‍රහාර මාලාවේ ඉලක්කය බවට පත් වු කොච්චිකඩේ සාන්ත අන්තෝනි දේවස්ථානය සහ කටුවාපිටිය සාන්ත සෙබස්තියන් දේවස්ථානය කේන්ද්‍ර කර ගනිමිනි.

 

ඊයේ පස්වරුවේ පැවති විශේෂ දිව්‍ය පුජා යාගය අගරදගුරු පදවියේ සහායක රදගරු අතිඋතුම් ඇන්ටන් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවති අතර ඊට ත්‍රස්ත ප්‍රහාරයෙන් සිය සමීපතමයින් අහිමි වු ඥාතීන් හා තුවාල ලැබුවන් එක් ව සිටියේය.

 

මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව මහතා පැවසුවේ දේවස්ථානවල පැවැත්වෙන සැමරුම් සඳහා ආරක්ෂාව ලබාදීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවය.

views

48 Views

Comments

arrow-up