සිල් ගනිමින් සිටි මැදිවියේ කතක් බලහත්කාරයෙන් දූෂණය කළ නරුම තරුණයා

වෙසක් පොහෝ දිනයේ තම නිවසෙහි සිල් සමාදන් වෙමින් සිටි 47 හැවිරිදි කාන්තාවක් දූෂණයට ලක් කල 27 හැවිරිදි තරුණයෙකු වැලිකන්ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වැලිකන්ද, සිංහපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව සඳහන් වේ.
දූෂණයට ලක්වූ කාන්තාව ප්‍රතිකාර සඳහා පොලොන්නරුව මහ රෝහලට ඇතුළත් කර තිබේ.
මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ වතුර වීදුරුවක් ඉල්ලමින් නිවසට පැමිණ ඇති මෙම තරුණයා, නිවසේ කිසිවෙකු නොමැති බව දැනගැනීමෙන් අනතුරුව මෙම කාන්තාව දූෂණය කර ඇති බවයි.
එම අවස්ථාවේදී කාන්තාවගේ කෑ ගැසීම ඇසී එතැනට පැමිණි ප්‍රදේශවාසීන් විසින් සැකකාර තරුණයා අල්ලා ගෙන ඇති අතර, තරුණයාගේ පියා පැමිණ ඔහුව මුදවාගෙන ගොස් ඇති බව සඳහන් වේ.
මෙම සිදුවීම සම්බන්ධයෙන් එම තරුණයාගේ පියාද වැලිකන්ද පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.
348 Views
Comments