අම්ෆන් සුළි කුණාටුවෙන් ශ්‍රී ලංකාවට බලපෑම්

අම්ෆන් සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් ඉදිරි පැය කිහිපය තුළදී නුවරඑළිය, රත්නපුර, කෑගල්ල, කලුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වල ඇතැම් ස්ථානවලට තද වැසි ඇති විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
දිවයින හරහා සුළගේ වේගය පැයට කිලෝමීටර් 50 ත් 60 ත් අතර අගයකට ඉහල යා හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
මේ අතර ගංගා කිහිපයක ජල මට්ටම් මේ වනවිට පහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
එමෙන්ම, දිස්ත්‍රික් 10 කට බල පැවැත්වෙන පරිදි නිකුත් කල නායයාම් අනතුරු ඇඟවීම තවදුරටත් ක්‍රියාත්මකයි.
ගාල්ල, මාතර, රත්නපුර, කලුතර, කෑගල්ල, මහනුවර, කොළඹ, මාතලේ, කුරුණෑගල සහ නුවරඑළිය දිස්ත්‍රික් සඳහායි මෙම අනතුරු ඇගවීම නිකුත් කර ඇත්තේ.
708 Views
Comments