ජනාධිපති මාධ්‍ය අංශයේ ලිපි ශීර්ෂයක් සදහන් මෙම ලිපිය බොරුවක්

විදෙස් ගත ශ්‍රී ලාංකිකයන්ට ලබා දෙන සහනයක් පිළිබඳ දක්වමින් ජනාධිපති මාධ්‍ය අංශයේ ලිපි ශීර්ෂයක් යටතේ ව්‍යාජව සකස් කළ නිවේදනයක් සමාජ මාධ්‍යයේ හුවමාරු වෙමින් තිබෙනවා.
අධ්‍යක්ෂ ජනරාල් ලෙස අජන්ත කොඩිකාර නමැත්තෙකු සඳහන් කර මෙම ව්‍යාජ නිවේදනය සකස් කර තිබෙනවා.
දුරකථන අංක දෙකක්ද එහි ඇතුළත්. එහෙත් මෙම කිසිදු කරුණක් සත්‍ය නොවන බවයි ජනාධිපති මාධ්‍ය අංශය අවධාරනය කළේ.
ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ මෙම ව්‍යාජ නිවේදනය සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර ඇති බවයි.
685 Views
Comments