දුම්රිය සහ බස් රථවල ආසන ගණනට මගින් ප‍්‍රවාහනය සඳහා අද සිට අවසර

දුම්රිය සහ බස්රථවල ආසන ගණනට මගීන් ප‍්‍රවාහනයට අද (13) සිට අවසර ලබාදි තිබෙනවා.
ඇඳිරිනීතිය තවමත් කි‍්‍රයාත්මක කොළඹ සහ ගම්පහ දිස්ති‍්‍රක් හැර දිවයිනේ අනෙකුත් දිස්ති‍්‍රක්කයන්හි පෞද්ගලික හා ලංගම බස්රථවල ආසන ගණනට මගීන් ප‍්‍රවාහනය කළ හැකි බවයි ප‍්‍රවාහන අමාත්‍යාංශය පවසන්නෙ.
ඇඳිරිනීතිය ලිහිල් කිරිමෙන් පසු රාජ්‍ය හා පෞද්ගලික අංශයේ රාජකාරි සදහා පැමිණෙන සේවකයන්ගේ ප‍්‍රවාහනය විධිමත් කිරිම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා.
ඒ පළාත් ප‍්‍රවාහන බලධාරින් , අමාත්‍යාංශ නිලධාරින් මෙන්ම මගී ප‍්‍රවාහන සේවාවල නිරත බස් සංගම්වල නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන්.
සියලු පෞද්ගලික බස් රථ අද (13) සිට ප‍්‍රවාහන කටයුතු ආරම්භ කරන ලෙසයි අමාත්‍යවරයා එහිදි ඉල්ලා සිටියේ.
මගීන් මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය වනවා. සියලු මගීන් පිටුපස දොරින් ඇතුළුවී ඉදිරිපස දොරින් බස් රථයෙන් බැස යා යුතු බවයි අමාත්‍යාංශය පවසන්නෙ.
විෂබීජනාශක සෑම බස්රථයකම තිබිය යුතු වන අතර බස් නැවතුම්පලවල අත් සෝදා ගැනීමේ පහසුකම් ද සලසා තිබිය යුතුය.
දුම්රියෙන් මගීන් ප‍්‍රවාහනය කිරිමේදි අද (13) සිට මුදල් ගෙවා ටිකට් පතක් ලබාගත හැකි බවද අමාත්‍යාංශය සදහන් කළා.
පෞද්ගලික බස් සංගම් පසුගිය කාලයේ මුහුණදුන් ගැටලු ගණනාවක් පිළිබදව ද එම සාකච්ඡාවේදි අවධානය යොමුවුණා.
ඒ පිළිබද අද (13) පැවැත්වෙන කැබිනට් මණ්ඩලය දැනුවත් කරන බවයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප‍්‍රකාශ කර තිබෙන්නෙ.
650 Views
Comments