ගාලු‍ මුවදොරදී යතුරුපැදි - ත්‍රීරෝද අනතුරකින් හතකට තුවාල
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
01

ගාලු‍ මුවදොරදී යතුරුපැදි - ත්‍රීරෝද අනතුරකින් හතකට තුවාල

ගාලු‍ මුවදොරදී යතුරුපැදි - ත්‍රීරෝද අනතුරකින් හතකට තුවාල

කොටුව පොලිස් වසමේ ගාලු මුවදොර පිටිය ආසන්නයේ සිදු වූ රිය අනතුරකින් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් හත් දෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව කොටුව පොලිසිය සඳහන් කරනවා.

 

අනතුරින් තුවාල ලැබූවන් කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇති බව සඳහන්.

 

කොල්ලුපිටිය දෙස සිට පැමිණි ත්‍රීරෝද රථයක් අපරීක්ෂාකාරී ලෙස ආපසු හැරවීමේදී, කොටුව සිට කොල්ලුපිටිය දෙසට ධාවනය වූ මෝටර් රථයක ගැටී අනතුරුව එම දිසාවටම ධාවනය වූ යතුරුපැදියක ද ගැටී ඇති බවයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

 

අනතුරින් ත්‍රීරෝද රථයේ ගමන්ගත් පුද්ගලයින් පස් දෙනෙකු, යතුරුපැදියේ ගමන් ගත් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව සඳහන්.

 

සිදුවීම සම්බන්ධයෙන් කොටුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

views

146 Views

Comments

arrow-up