OCT
25
බලංගොඩ පාසලක සිසුවියන් 22ක් රෝහලට

බලංගොඩ නගරයේ පාසලක ගැහුණු ළමුන් පිරිසක් හදිසියේ ඇති වූ සංකූලතා තත්ත්වයක් හේතුවෙන් බලංගොඩ මූලික රෝහලට ඇතුළත් කර තිබේ.
අද (25) පෙරවරුවේ මෙම පාසලේ ගැහැණු ළමුන් කිහිප දෙනෙකු යම් රසායනික ද්‍රාවණයක් යොදා කාන්තා වැසිකිළිය පිරිසිදු කර තිබුණි.
අනතුරුව එම ළමුන් සහ එම වැසිකිළියට පැමිණි තවත් ළමුන් පිරිසක් යම් රෝගී තත්ත්වයකට පත්වීම හේතුවෙන් රෝහල්ගත කිරීමට සිදුව ඇත.
බලංගොඩ සී.සී. දෙමළ මහා විද්‍යාලයේ ළමුන් 22ක් එසේ රෝහල්ගත කර තිබේ.
153 Views
Comments