ගංවතුර ඇති වූ ප්‍රදේශවල ජලය බැසයෑමත් සමඟ බෝවන රෝග ව්‍යාප්තවීමේ අවදානමක්
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
18

ගංවතුර ඇති වූ ප්‍රදේශවල ජලය බැසයෑමත් සමඟ බෝවන රෝග ව්‍යාප්තවීමේ අවදානමක්

ගංවතුර ඇති වූ ප්‍රදේශවල ජලය බැසයෑමත් සමඟ බෝවන රෝග ව්‍යාප්තවීමේ අවදානමක්

ගංවතුර ඇති වූ ප්‍රදේශවල ජලය බැසයෑමත් සමග බෝවන රෝග ව්‍යාප්තවීමේ දැඩි අවදානමක් පවතින බවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අනතුරු අඟවයි.

 

මී උණ, පාචනය, ලේ අතීසාරය සහ පණු රෝග වැනි රෝග ඇතිවීමේ අවදානමක් පවතින බැවින් එවැනි රෝග ලක්ෂණ ඇත්නම් නොපමාව වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවන ලෙස ද එම සංගමය ජනතාවගෙන් ඉල්ලා සිටී.

 

ආහාර ලබා ගැනීමේ දී නැවුම්ව ලබා ගැනීමටත්, එම ආහාර උණුවෙන් පරිභෝජනය කිරීමට කටයුතු කිරීමත්, ජලය පානය කිරීමේදී උතුරා නිවාගත් ජලය හෝ පානය සඳහා සුදුසු බෝතල් ජලය පමණක් ලබා ගැනීමත් සුදුසු බව එම සංගමය කියයි.

 

එසේම ශරීරයේ තුවාල හෝ සීරීම් වැනි තත්ත්වයන් යටතේ ගංවතුරට නිරාවරණය වී ඇත්නම් ඔවුන්ට මී උණ වැළඳීමේ වැඩි ප්‍රවණතාවක් පවතින බැවින් වහාම වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමුවීම සිදුකළ යුතු බව ද මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමය කියා සිටී.

views

149 Views

Comments

arrow-up