එක් අයෙකුට ගෙඩි 5යි - රජයෙන් සහන මිලට ලබාදෙන පොල් ලොරි අදත්
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
25

එක් අයෙකුට ගෙඩි 5යි - රජයෙන් සහන මිලට ලබාදෙන පොල් ලොරි අදත්

එක් අයෙකුට ගෙඩි 5යි - රජයෙන් සහන මිලට ලබාදෙන පොල් ලොරි අදත්

පොල් වගාකිරීමේ මණ්ඩලය මගින් අද (25) සහන මිලට පොල් අලෙවි කිරීමේ ජංගම රථ සේවාවක් මහරගම නගරය ආශ්‍රිතව ක්‍රියාත්මක කරයි. එක් අයකුට පොල් ගෙඩි 05 බැගින් ලබාගැනීමට අවස්ථාව සැලසෙයි.

 

අද (25) පෙරවරු 8.30ට පමණ මහරගම පොල් ගෙඩි 5000ක් පමණ ප්‍රමාණයක් ගෙඩියක් රුපියල් 100ක් 120ක් වැනි මිලකට අලෙවි කිරීමට සැලසුම් කර ඇතැයි එම මණ්ඩලයේ වතු අංශයේ කළමනාකරු වජිර තෙන්නකෝන් මහතා ඊයේ (24) පැවසීය.

 

මීට අමතරව හලාවත, කුරුණෑගල වැවිලි සමාගම සහ පොල් පර්යේෂණ මණ්ඩලය මගින් ද ජංගම රථ යොදාගෙන තෝරාගත් ප්‍රදේශ කිහිපයක පොල් අලෙවි කිරීම සිදුකරන බවද ඔහු කීය.

 

පෙරේදා (23) පොල් වගා කිරීමේ මණ්ඩලය සහ අනෙකුත් ආයතන ස්ථාන කිහිපයක පොල් ගෙඩි 10,000ක් පමණ අලෙවි කළ බවත් අද (25දා) දිනයේදී ඒ ආකාරයෙන් ස්ථාන කිහිපයකදී පොල් අලෙවි කිරීමට කටයුතු කරන බවත් ඒ මහතා කීය.

 

පොල් වගාකිරීමේ මණ්ඩලය සතුව ආදර්ශ පොල් උයන් 11ක් පවතින බවත්, පොල් වගා කිරීමේ මණ්ඩලය ලොකු පොල් ගෙඩියක් 120කටත් සාමාන්‍ය පොල් ගෙඩියක් 100කටත් අලෙවි කරන බවත් ඔහු කීය.

views

152 Views

Comments

arrow-up