උතුවන්කන්දෙන් වැටී තරුණියක් ජීවිතක්ෂයට

මාවනැල්ල උතුවන්කන්දේ සරදියල් ගලෙන් බිමට ඇද වැටී 27 හැවිරිදි තරුණියක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හදාරා සහකාර කෘෂිකර්ම උපදේශිකාවක් ලෙස සේවය කරන තරුණියන් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.
මිය ගිය තරුණිය ඇතුලුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ සිසුන් 58 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අද (21) දහවල් විනෝද චාරිකාවක් සඳහා උතුවන්කන්ද ප්‍රදේශයට පැමිණ තිබේ.
ඔවුන් කන්ද තරණය කරන අවස්ථාවේදී පය ලිස්සා යෑමෙන් විරෂ්මි කොඩිතුවක්කු නැමැති මෙම තරුණිය පහළට ඇද වැටී තිබේ.
පොලීසිය පැවසූයේ තුවාල ලැබූ තරුණිය මාවනැල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් තිබෙන බවයි.
253 Views
Comments